අපේ රටේ මිලියන 8.5 විතර රස්සාවල් කරනවා. ඒ කියන්නෙ 50% කට කිට්ටුව මොකක් හරි දෙයක් කරනවා කීයක් හරි හොයාගන්න. ඔය ගාණෙන් මිලියන 1.1 වගේ රජයේ සේවකයෝ.
මේ කියන ඔක්කොම කට්ටිය මහන්සි වෙලා කට්ටක් කාලා හම්බ කරනවා තමන්ගේ හීන වලට යන්න.
ලංකාවේ බහුතරය ඉන්නේ පෞද්ගලික අංශ වල වැඩ කරන අය. ඒ නිසා ඉස්සරලා එයාල ගැන කතා කරන්නම්කෝ.
එයාලට විශේෂ වරප්‍රසාද , pension වගේ දේවල් හම්බවෙන්නේ නෑ . පඩිය මදි උනා කියලා උද්ගොෂන කරන්න බෑ, එකම විසදුම වෙන රස්සාවක් හොයාගන්න එක.
හැබැයි රජයේ සේවකයෝන්ගේ ජිවිත ඔයිට ගොඩක් වෙනස්. එයාලට වරප්‍රසාද තියනවා, කොටින්ම කිව්වොත් Loan එකක් උනත් ඉක්මන්ට දෙනවා. ඒ වගේම pension එකත් සුවර් එකත් 55න් හම්බෙනවා. ඒ වගේම මෙයාලට උද්ගෝසනයක් කරන්න ඉල්ලීම් ගන්න විප්ලව කරන්න පුලුවන්. රජයේ ස්ථිර නිසා එලියට දාන්නත් බැරි තරම්.
තමන්ගේ හීන වලට යන්න බෑ කියලා හිතෙන ගොඩාක් පෞද්ගලික අංශ වල අය ගොඩක් වෙලාවට part time ජොබ් එකක් හරි තමන්ගේ දැනුම වැඩි කරගෙන ඉලග step එකට යන්න උත්සහ කරනවා.එත් රජයේ අංශ වල නම් එහෙම දෙයක් පෙන්න නැති තරම්. එයාලා බොහෝම වෙලාවට කරන්නේ උද්ගෝසනයක් කරලා පඩිය වැඩි කරගන්න උත්සහ කරන එක.
කෙනෙක් දියුණු වෙන්න පිටින් වගේම තමන් ඇතුලින් යම් ශ්‍රමයක් එකතු කරන්න වෙන්වා. මිනිස්සු ගොඩාක් වෙලාවට පිට අනිත් අයගෙන් ලැබෙන දෙවල් ගැන බලාගෙන ඉන්නවා මිසක් තමන් කිසිම පරිශ්‍රමයක් යොදන්නේ නෑ.
ඇයි අපිට බැරි අපේ දැනුම වැඩි කරගෙන ඊලග step එකේ job එකට try කරන්න, නැතුව පඩි මදි කිය කිය විප්ලව කරන්නේ නැතුව. මම නම් හිතන්නේ 80% වගේ අපි වග කියන්න ඕන අපේ පඩියට. 20% වගේ තමයි ආයතනය වග කියන්න ඕන.
අපිට හරි qualification එකක් තියනවා නම් අපිට demand කරන්න පුලුවන්. Qualifications නැතුව පඩි අඩුයි කියන එකට තමන්ම තමයි වගකියන්න ඕන.
පාරට බහිනවද නැත්තම් Bsc එකේ ඉදලා Msc එකට try කරනවාද ? Certificate කෝස් එකක් වත් අඩුම කරනවාද ? කියන choice එක ඔබේ අතේ.
තමන්ගේ විප්ලවය තමන් කරනවාද නැත්තම් අනුන් කරලා දෙනකල් ඉන්නවාද?? හිතන්න !