බොහෝ අයට වෙනසක් අවශ්‍යයි, නමුත් කිසිවෙකු තමන්ව වෙනස් කිරීමට සූදානම් නැත. Many people needs a change , but no one ready to change themselves. பலருக்கு ஒரு மாற்றம் தேவை, ஆனால் யாரும் தங்களை மாற்றத் தயாராக இல்லை.

අපි තමයි හොදටම කරන්න ඕන


 

Supun Ayesmantha Wijebandara



දවස් 13ක් මරණ 1000ක්

අද අගෝස්තු මාසේ 15 , කොරෝනා , Delta මරණ 160 කට කිට්ටුව දවසකට එනවා. Positive වෙන ගානත් එන්න එන්නම වැඩි වෙන්වා.

රට වහන්න , එයාලා Fail , එන්නත් ගැහුවේ නෑ, රට කලින් වැහුවා නම් හරි , අපි තමයි හොදටම කරේ කියන්න ලංකාවේ බහුතරයක් ඉන්නවා.

ඒත් අපි තමයි හොදටම කරන්න ඕන කියලා කියන්න පිරිසක් ඉන්නවාද? අපි අපේ මට්ටමෙන් System එක වෙනස් කරන්න අපි උත්සහ කරලා තියනවාද?

අපි කරන පොඩි දෙයක් මේ වෛරස් එක ගමක් වනසන්න පුලුවන් කියලා අපි පොඩ්ඩන් හරි හිතුවාද?

අපි හැමදාම වගේ කලේ අරයා මෙහෙම කරා එයා මෙහෙම කලා ඒ නිසා තමා ඔක්කොම උනේ, කියලා ඇගිල්ල දික් කරපු එක. එහෙම කලා කියලා ලෙඩේ අඩු උනාද? නෑනේ ද?

පොඩ්ඩක් හිතමු, අපේ පවුල ගැන අපි බලා ගන්න ඕන. ඔය කියන පක්ෂ පාට අපි ගැන බලන්න ලෙඩක් උනා ම බලන්න එන්නෙ නෑ.

එක පාරක් නෙවෙයි සියපාරක් හිතමු, අපිම වෙනස් වෙමු, අපේ සමීපතයන් ආරක්ශා කරගමු.

අපිට ජය!!

No comments:

Post a Comment