බොහෝ අයට වෙනසක් අවශ්‍යයි, නමුත් කිසිවෙකු තමන්ව වෙනස් කිරීමට සූදානම් නැත. Many people needs a change , but no one ready to change themselves. பலருக்கு ஒரு மாற்றம் தேவை, ஆனால் யாரும் தங்களை மாற்றத் தயாராக இல்லை.

ජිවිතේ Deal එකක්


 

Supun Ayeshmantha Wijebandara

ජිවිතේ ගොඩක් දෙවල් Deal එකක් කියල හිතෙන්නේ නැද්ද?

නිකන් හිතන්න , අපි ලමයි හදනවා , එයලා කවදාක හරි අපිව බලාගනී කියලා. පන්සලට දානේ දෙනවා පින් ගන්න බලාගෙන, දෙවියන්ට බාර වෙනවා මේ දේ කරලා දෙන්න , මම පලතුරු වට්ටියක් පහන් 100ක් පුජා කරන්නම් කියලා.

හොදම දේ අපි ආදරේ කරලා ආදරේ ආ පිට බලාපොරොත්තු වෙනවා.

මොකක්ද මේ අපි කරන්නේ , business එකක් වගේ ගනුදෙනු කරනවා

කරලා බලාගෙන ඉන්නවා ආපිට ලැබෙන දෙවල් ලැබෙනකල්.

ලැබෙනකල් හොදයි , හම්බුනේ නැති දවසට? හිතට දුකයි නේද?

කොල්ලො කෙල්ල දාලා ගියා කියලා මැරෙන්න යනවා, වයසට ගියාම අපේ ලමයි අපිට සැලකුවේ නෑ කියල දුක් වෙන්වා..

ඇයි අපිට බැරි කිසිදෙයක් බලාපොරොත්තු නොවී වැඩ කරන්න,

ආදරේ කරනවා කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, උදවු කරනවා පර උපකාර බලාපොරොත්තු වෙන්නෙ නැතිව.....

කොච්චර සැහැල්ලුවෙන් සතුටින් අපිට ඉන්න පුලුවන්ද?

හිතලා බලන්න, විහින් දුක් වෙන්වාද නැත්තම් කිසිදෙයක් බලාපොරොත්තු නොවී සතුටු ජිවත් වෙන්වද කියලා

No comments:

Post a Comment