බොහෝ අයට වෙනසක් අවශ්‍යයි, නමුත් කිසිවෙකු තමන්ව වෙනස් කිරීමට සූදානම් නැත. Many people needs a change , but no one ready to change themselves. பலருக்கு ஒரு மாற்றம் தேவை, ஆனால் யாரும் தங்களை மாற்றத் தயாராக இல்லை.

රට වහන්න කලින් ගෙදර දොර වහමුද?


Supun Ayeshmantha , Sri Lanka , Covid


රටේම කොරොනා , අඩුවක් නෑ කොහෙවත් . හැමෝම කියනවා රට වහන්න Lockdown කරන්න කියලා. නැත්තම මෙක පාලනය කරන්න බැරිවෙයි කියලා

එත් රජය , ආණ්ඩුව මේක ගානකටවත් ගන්නෙ නැතුව ඔහේ ඉන්නවා. මේ මරන වලට, මේ රජය වග කියන්න ඔනා. ඇයි සති 2ක් වහලා දානන බැරි? මිනිස්සු මරාගන්නද හදන්නේ? මිනිස්සු මැරුණා කියලා මුන්ට ගානක්වත් නෑ.

ඒක අපි පොඩ්ඩකට පැත්තකින් තියමු. රටේ තියන පොඩිම පවුල් එකකය තියෙන්නේ අපේ ගෙදර. ගෙදර පාලනය කරන්නේ ගෙදර අම්මා තාත්තා . එයාලට පිටින් ගෙදර කවුරුත් මුකුත් කරන්නේ නෑනේ. ඒ වගේම ගෙදර දොර වහලා දාලා කාටවත් ගෙදරට එන්න දෙන්නේ නැතුව ඉන්න කොහෙවත් යන්න ගැසට් එකක් ඕන නෑනේ. එහෙම නේද? ගෙදර දෙමාපියන් තමන්ගේ ගෙදර හරියට පාලනය කරලා බලාගත්තොත් හරි නේද?

එහෙම රටේ හැම පවුලම කලොත්? රටම lockdown කරා වගේ නේද?

ඇයි අපිට බැරි ස්වයං විනයක් ගෙදරින්ම ඇති කරන්න.

225ට බැරි උනාට අපිට පුලුවන් මේක වෙනස් කරන්න.

තමන්ගේ දොර තමන් වහගත්තොත් නිකම්ම රටේම දොරවල් වැහෙනවා

පුංචිම පරිපාලන ඒකකය උන අපේ පවුල අපි ආරක්ශා කරගමු! ඒක පටන්ගන්න අපි තාම පරක්කු නෑ. කගෙවත් ගැසට් එකක් , නිතියක් එනකල් බලන් ඉන්න ඕන් නෑ

No comments:

Post a Comment