බොහෝ අයට වෙනසක් අවශ්‍යයි, නමුත් කිසිවෙකු තමන්ව වෙනස් කිරීමට සූදානම් නැත. Many people needs a change , but no one ready to change themselves. பலருக்கு ஒரு மாற்றம் தேவை, ஆனால் யாரும் தங்களை மாற்றத் தயாராக இல்லை.

ජීවිතේ මුල ඉදලා පටන් ගමුද


Supun Ayeshmantha Wijebandara

 "ජීවිතේ මුල ඉදලා පටන් ගමුද" ඇහුවොත් ඔබ මොකද කියන්නේ? 

වැරදිච්ච තැන් හදාගෙන් ජිවිතය ආයම මුල ඉදලා පටන් ගන්න ගොඩක් අය හීන මවනවා. 

සමාජයේ ඉහල තැනකට එන්න , සැප සම්පත් එකතු කරගන්න ජිවිතේ ජය ගන්න මුල ඉදන් පටන්ගන්න ඇත්තම් කියලා හිතන අය බොහෝමයි. 

ඒ වගේම ජිවිතය හොදටම විදලා හති වැටුන ජිවිතත් නැතුවාම නොවේ. නැවත ජිවිතයක් ගැන , මුල ඉදලා පටන්ගන්න ඔවුන් හීනෙකින්වත් සිතන්නේ නැත.

එකම ජිවන ගමනක පාරවල් දෙකක්  බලාපොරොත්තු වෙන මිනිසුන් කොට්ටාශ දෙකක්.

නැවතිලා ටිකක් හිතලා බලන්න , ජිවිතේ මුල ඉදලා පටන් ගත්තත් ,අවසානෙදී මේ ජිවිතේ සෑහිමකට පත් වෙන්න පුලුවන්ද? නැත්තම් තවත් හති වැටුන ජිවිතයකින් අවසන් වෙයිද?

වසංගත , නොසිතු මරණ අපිට මෙය නොවේද පසක් කරදීමට උත්සහ කරන්නේ??

No comments:

Post a Comment