බොහෝ අයට වෙනසක් අවශ්‍යයි, නමුත් කිසිවෙකු තමන්ව වෙනස් කිරීමට සූදානම් නැත. Many people needs a change , but no one ready to change themselves. பலருக்கு ஒரு மாற்றம் தேவை, ஆனால் யாரும் தங்களை மாற்றத் தயாராக இல்லை.

Medical Drugs Info - Sri Lanka


 
Medical Drugs Info -SL , Supun Ayeshmantha

ඖෂධයක් ගැන විස්තර හොයනවද?
අන්තර්ජාලයේ හොයාගන්න අමාරුද?
ලංකාවේ තියනවද? කොයි සමාගමෙන්ද ගෙන්නන්නේ හොයාගන්න ඔනද?
සියලූම විස්තර එකම තැනක
බාගත කරගැනීමට

Playstore Full Verison : http://bit.ly/3jP2nWI
Lite Version : https://bit.ly/3tV4c7X
AppGallery(Huawei) : https://bit.ly/3BJLcMc


#pharmaceuticals
#srilanka
#android
#pharmacy
#medicine

අපි තමයි හොදටම කරන්න ඕන


 

Supun Ayesmantha Wijebandara



දවස් 13ක් මරණ 1000ක්

අද අගෝස්තු මාසේ 15 , කොරෝනා , Delta මරණ 160 කට කිට්ටුව දවසකට එනවා. Positive වෙන ගානත් එන්න එන්නම වැඩි වෙන්වා.

රට වහන්න , එයාලා Fail , එන්නත් ගැහුවේ නෑ, රට කලින් වැහුවා නම් හරි , අපි තමයි හොදටම කරේ කියන්න ලංකාවේ බහුතරයක් ඉන්නවා.

ඒත් අපි තමයි හොදටම කරන්න ඕන කියලා කියන්න පිරිසක් ඉන්නවාද? අපි අපේ මට්ටමෙන් System එක වෙනස් කරන්න අපි උත්සහ කරලා තියනවාද?

අපි කරන පොඩි දෙයක් මේ වෛරස් එක ගමක් වනසන්න පුලුවන් කියලා අපි පොඩ්ඩන් හරි හිතුවාද?

අපි හැමදාම වගේ කලේ අරයා මෙහෙම කරා එයා මෙහෙම කලා ඒ නිසා තමා ඔක්කොම උනේ, කියලා ඇගිල්ල දික් කරපු එක. එහෙම කලා කියලා ලෙඩේ අඩු උනාද? නෑනේ ද?

පොඩ්ඩක් හිතමු, අපේ පවුල ගැන අපි බලා ගන්න ඕන. ඔය කියන පක්ෂ පාට අපි ගැන බලන්න ලෙඩක් උනා ම බලන්න එන්නෙ නෑ.

එක පාරක් නෙවෙයි සියපාරක් හිතමු, අපිම වෙනස් වෙමු, අපේ සමීපතයන් ආරක්ශා කරගමු.

අපිට ජය!!

ජිවිතේ Deal එකක්


 

Supun Ayeshmantha Wijebandara

ජිවිතේ ගොඩක් දෙවල් Deal එකක් කියල හිතෙන්නේ නැද්ද?

නිකන් හිතන්න , අපි ලමයි හදනවා , එයලා කවදාක හරි අපිව බලාගනී කියලා. පන්සලට දානේ දෙනවා පින් ගන්න බලාගෙන, දෙවියන්ට බාර වෙනවා මේ දේ කරලා දෙන්න , මම පලතුරු වට්ටියක් පහන් 100ක් පුජා කරන්නම් කියලා.

හොදම දේ අපි ආදරේ කරලා ආදරේ ආ පිට බලාපොරොත්තු වෙනවා.

මොකක්ද මේ අපි කරන්නේ , business එකක් වගේ ගනුදෙනු කරනවා

කරලා බලාගෙන ඉන්නවා ආපිට ලැබෙන දෙවල් ලැබෙනකල්.

ලැබෙනකල් හොදයි , හම්බුනේ නැති දවසට? හිතට දුකයි නේද?

කොල්ලො කෙල්ල දාලා ගියා කියලා මැරෙන්න යනවා, වයසට ගියාම අපේ ලමයි අපිට සැලකුවේ නෑ කියල දුක් වෙන්වා..

ඇයි අපිට බැරි කිසිදෙයක් බලාපොරොත්තු නොවී වැඩ කරන්න,

ආදරේ කරනවා කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, උදවු කරනවා පර උපකාර බලාපොරොත්තු වෙන්නෙ නැතිව.....

කොච්චර සැහැල්ලුවෙන් සතුටින් අපිට ඉන්න පුලුවන්ද?

හිතලා බලන්න, විහින් දුක් වෙන්වාද නැත්තම් කිසිදෙයක් බලාපොරොත්තු නොවී සතුටු ජිවත් වෙන්වද කියලා

අනුන්ගේ විප්ලවය සහ අපේ අනාගතය


Supun Ayeshmantha Wijebandara

 අපේ රටේ මිලියන 8.5 විතර රස්සාවල් කරනවා. ඒ කියන්නෙ 50% කට කිට්ටුව මොකක් හරි දෙයක් කරනවා කීයක් හරි හොයාගන්න. ඔය ගාණෙන් මිලියන 1.1 වගේ රජයේ සේවකයෝ.

මේ කියන ඔක්කොම කට්ටිය මහන්සි වෙලා කට්ටක් කාලා හම්බ කරනවා තමන්ගේ හීන වලට යන්න.

ලංකාවේ බහුතරය ඉන්නේ පෞද්ගලික අංශ වල වැඩ කරන අය. ඒ නිසා ඉස්සරලා එයාල ගැන කතා කරන්නම්කෝ.

එයාලට විශේෂ වරප්‍රසාද , pension වගේ දේවල් හම්බවෙන්නේ නෑ . පඩිය මදි උනා කියලා උද්ගොෂන කරන්න බෑ, එකම විසදුම වෙන රස්සාවක් හොයාගන්න එක.

හැබැයි රජයේ සේවකයෝන්ගේ ජිවිත ඔයිට ගොඩක් වෙනස්. එයාලට වරප්‍රසාද තියනවා, කොටින්ම කිව්වොත් Loan එකක් උනත් ඉක්මන්ට දෙනවා. ඒ වගේම pension එකත් සුවර් එකත් 55න් හම්බෙනවා. ඒ වගේම මෙයාලට උද්ගෝසනයක් කරන්න ඉල්ලීම් ගන්න විප්ලව කරන්න පුලුවන්. රජයේ ස්ථිර නිසා එලියට දාන්නත් බැරි තරම්.

තමන්ගේ හීන වලට යන්න බෑ කියලා හිතෙන ගොඩාක් පෞද්ගලික අංශ වල අය ගොඩක් වෙලාවට part time ජොබ් එකක් හරි තමන්ගේ දැනුම වැඩි කරගෙන ඉලග step එකට යන්න උත්සහ කරනවා.එත් රජයේ අංශ වල නම් එහෙම දෙයක් පෙන්න නැති තරම්. එයාලා බොහෝම වෙලාවට කරන්නේ උද්ගෝසනයක් කරලා පඩිය වැඩි කරගන්න උත්සහ කරන එක.

කෙනෙක් දියුණු වෙන්න පිටින් වගේම තමන් ඇතුලින් යම් ශ්‍රමයක් එකතු කරන්න වෙන්වා. මිනිස්සු ගොඩාක් වෙලාවට පිට අනිත් අයගෙන් ලැබෙන දෙවල් ගැන බලාගෙන ඉන්නවා මිසක් තමන් කිසිම පරිශ්‍රමයක් යොදන්නේ නෑ.

ඇයි අපිට බැරි අපේ දැනුම වැඩි කරගෙන ඊලග step එකේ job එකට try කරන්න, නැතුව පඩි මදි කිය කිය විප්ලව කරන්නේ නැතුව. මම නම් හිතන්නේ 80% වගේ අපි වග කියන්න ඕන අපේ පඩියට. 20% වගේ තමයි ආයතනය වග කියන්න ඕන.

අපිට හරි qualification එකක් තියනවා නම් අපිට demand කරන්න පුලුවන්. Qualifications නැතුව පඩි අඩුයි කියන එකට තමන්ම තමයි වගකියන්න ඕන.

පාරට බහිනවද නැත්තම් Bsc එකේ ඉදලා Msc එකට try කරනවාද ? Certificate කෝස් එකක් වත් අඩුම කරනවාද ? කියන choice එක ඔබේ අතේ.

තමන්ගේ විප්ලවය තමන් කරනවාද නැත්තම් අනුන් කරලා දෙනකල් ඉන්නවාද?? හිතන්න !

ඔලුව කුරුවල් කරන සමාජය


 

Supun Ayeshmatha Wijebandara

කෙනෙක් වෙනස් විදියට හිතන්න පටන් ගත්ත දවසේ ඉදලාම එයාගේ ඔලුව කුරුවල් කරන සමාජයක් මේක!

ජීවිතේ මුල ඉදලා පටන් ගමුද


Supun Ayeshmantha Wijebandara

 "ජීවිතේ මුල ඉදලා පටන් ගමුද" ඇහුවොත් ඔබ මොකද කියන්නේ? 

වැරදිච්ච තැන් හදාගෙන් ජිවිතය ආයම මුල ඉදලා පටන් ගන්න ගොඩක් අය හීන මවනවා. 

සමාජයේ ඉහල තැනකට එන්න , සැප සම්පත් එකතු කරගන්න ජිවිතේ ජය ගන්න මුල ඉදන් පටන්ගන්න ඇත්තම් කියලා හිතන අය බොහෝමයි. 

ඒ වගේම ජිවිතය හොදටම විදලා හති වැටුන ජිවිතත් නැතුවාම නොවේ. නැවත ජිවිතයක් ගැන , මුල ඉදලා පටන්ගන්න ඔවුන් හීනෙකින්වත් සිතන්නේ නැත.

එකම ජිවන ගමනක පාරවල් දෙකක්  බලාපොරොත්තු වෙන මිනිසුන් කොට්ටාශ දෙකක්.

නැවතිලා ටිකක් හිතලා බලන්න , ජිවිතේ මුල ඉදලා පටන් ගත්තත් ,අවසානෙදී මේ ජිවිතේ සෑහිමකට පත් වෙන්න පුලුවන්ද? නැත්තම් තවත් හති වැටුන ජිවිතයකින් අවසන් වෙයිද?

වසංගත , නොසිතු මරණ අපිට මෙය නොවේද පසක් කරදීමට උත්සහ කරන්නේ??

රට වහන්න කලින් ගෙදර දොර වහමුද?


Supun Ayeshmantha , Sri Lanka , Covid


රටේම කොරොනා , අඩුවක් නෑ කොහෙවත් . හැමෝම කියනවා රට වහන්න Lockdown කරන්න කියලා. නැත්තම මෙක පාලනය කරන්න බැරිවෙයි කියලා

එත් රජය , ආණ්ඩුව මේක ගානකටවත් ගන්නෙ නැතුව ඔහේ ඉන්නවා. මේ මරන වලට, මේ රජය වග කියන්න ඔනා. ඇයි සති 2ක් වහලා දානන බැරි? මිනිස්සු මරාගන්නද හදන්නේ? මිනිස්සු මැරුණා කියලා මුන්ට ගානක්වත් නෑ.

ඒක අපි පොඩ්ඩකට පැත්තකින් තියමු. රටේ තියන පොඩිම පවුල් එකකය තියෙන්නේ අපේ ගෙදර. ගෙදර පාලනය කරන්නේ ගෙදර අම්මා තාත්තා . එයාලට පිටින් ගෙදර කවුරුත් මුකුත් කරන්නේ නෑනේ. ඒ වගේම ගෙදර දොර වහලා දාලා කාටවත් ගෙදරට එන්න දෙන්නේ නැතුව ඉන්න කොහෙවත් යන්න ගැසට් එකක් ඕන නෑනේ. එහෙම නේද? ගෙදර දෙමාපියන් තමන්ගේ ගෙදර හරියට පාලනය කරලා බලාගත්තොත් හරි නේද?

එහෙම රටේ හැම පවුලම කලොත්? රටම lockdown කරා වගේ නේද?

ඇයි අපිට බැරි ස්වයං විනයක් ගෙදරින්ම ඇති කරන්න.

225ට බැරි උනාට අපිට පුලුවන් මේක වෙනස් කරන්න.

තමන්ගේ දොර තමන් වහගත්තොත් නිකම්ම රටේම දොරවල් වැහෙනවා

පුංචිම පරිපාලන ඒකකය උන අපේ පවුල අපි ආරක්ශා කරගමු! ඒක පටන්ගන්න අපි තාම පරක්කු නෑ. කගෙවත් ගැසට් එකක් , නිතියක් එනකල් බලන් ඉන්න ඕන් නෑ